Maxford

Higher Educational Institute

ඉගෙන ගන්න හොඳම තැන...!

මැක්ස්ෆෝඩ් වෙත පිවිසෙන ඔබට..!

Bar-code System

බාර්කෝඩ් හැඳුනුම්පත

සෑම සිසුවෙකුටම බාර් කෝඩ් ප්ලාස්ටික් හැඳුනුම්පතක් ලබාදීම මගින් සිසුන්ගේ සියලුම දත්ත සහ පැමිණීම පරිගණකගත කෙරෙන අතර දෙමාපියන්ට ඕනෑම තොරතුරක් ලබාගත හැකිවීමත්, දත්ත විශ්ලේෂණය මගින් කළමණාකරීත්වයේ තීරණ ගැනීමේ හැකියාව ඇතිකර තිබීම.

SMS Alert

කෙටි පණිවිඩ සේවාව

දරුවන්ගේ පැමිණීම සටහන්වන සෑම මොහොතකම හා පන්ති ගාස්තු ගෙවන සෑම අවස්ථාවකම දෙමව්පියන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ක්‍ෂණිකව ලබාදීම. (මෙම පහසුකම දෙමාපියන්ගේ ඉල්ලීම මත පමණක් ලබාදෙනු ලැබේ.)

Maxford Cafeteria

ආපනශාලාව පහසුකම්

සිසුන්ට අවශ්‍ය ආහාර පාන ලබාගැනීම සඳහා ආයතනය තුළම සෞඛ්‍යාරක්ෂිත උසස් තත්ත්වයේ ආපනශාලා පහසුකම් ලබාදී තිබීම.

CCTV & Security Service

පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවය

දරුවන්ගේ ආරක්ෂාව සහ විනය තහවුරු කිරීම සඳහා පැය 24 පුරා

ක්‍රියාත්මක වන කැමරා පද්ධතිය සහ ආරක්ෂක සේවාව

 

Computer Lab

පරිගණක විද්‍යාගාර

පහසුකම්

අතිනවීන දරුවන්ට ආරක්ෂිත ලෙස සැකසූ පරිගණක විද්‍යා පහසුකම මගින් තුලදීම ප්‍රායෝගිකව පරිගණක

දැනුම ලබාදේ

Multimedia System

අතිනවීන මල්ටිමීඩියා තාක්ෂණය

මල්ටිමීඩියා හා අති නවීන තාක්ෂණය භාවිතය තුළින් පන්ති කාමර

තුළ සිසුන්ට ලැබෙන අති ප්‍රබල විෂය සජීවීකරණය.

 

පන්ති කාලසටහන

Class Time Table

Advanced Level

අ.පො.ස. උසස් පෙළ

A/L

After O/L & A/L

Courses

වෘත්තීය පාඨමාලා

අප සෙවනේ ආශිර්වාදලත් ඔවුන්ගේ ප්‍රෞඩාවලෝකනය

The voice of Gifted Maxfordians

Our vision

අපගේ දැක්ම...!

Our vision is to enhance our reputation as an islandwide teaching institution which is recognized for its  excellence in teaching and attracts the best students and staff islandwide.

Our mission

අපගේ මෙහෙවර...!

Maxford Higher Educational Institute adheres to the purposes of providing reliable learning opportunities at the highest level of excellence for the students to explore their capabilities and interests in order to develop their full intellectual and human potential in a highly disciplined environment.

ABOUT US

ප්‍රෞඩාවලෝකනය

මිලේනියමේ සමාරම්භය සනිටුහන් කරමින් සියනෑ පුරවරයේ ගණේමුල්ල ප්‍රදේශයේ බිහිවන මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනයට නව සියවසකට පියනගන අලුත් පරම්පරාව රටක සංවර්ධනයට උරදෙන මානව සම්පතක් ලෙස නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙරදැරි විය.

 

සාම්ප්‍රදායික උපකාරක පන්ති ක්‍ෂේත්‍රයේ එක් එක් විෂයන් සඳහා විශිෂ්ටතම ඇදුරන් සොයා හැල්මේ දුවමින් තැන තැන අකුරු ඇහිඳිමින් සිටි සුවහසක් දුවා දරුවන්ට මැක්ස්ෆෝඩය විශිෂ්ටතම ඇදුරුමඬුල්ල එක්තැන් කළ විශ්වාසනීය විදුපියස කරන්නට යු.කේ. මාබුල ඇදුරුතුමන් පෙරටුකරගත් ගුරුමණ්ඩලයට හැකි විය.

 

පසුගිය දශකය තුළ උපකාරක පන්ති ක්‍ෂේත්‍රය දික්විජය කරමින් ඒ සඳහා පැවති අඳුරු විනිශ්චය නැති කොට ක්‍ෂේත්‍රයේ හිනි පෙත්තටම ළඟාවීමට මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනයට හැකි විය. සඵලත්වයේත් කාර්යක්ෂමතාවයේත් මනා සුසංයෝගය තුළින් සාම්ප්‍රදායිකව ඇල්මැරුණු ඉගැන්වීමේ රටාවට අභියෝග කළ මැක්ස්ෆෝඩය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යයන පරිසරය, පන්ති කාමර තුළ සිදුකෙරෙන අතිප්‍රබල විෂය සජීවීකරණයත් තුළින් අති විශිෂ්ටයින් නිර්මාණය කළේය. පසුගිය දශකය තුළ අපගේ සේවය ඔබගේ පැසසුමට ලක්වූයේ එබැවිනි.

 

මැක්ස්ෆෝඩ්

දැයට දායද කළ ඔහු...!

දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමණාකරන පීඨයට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් තම කළමණාකරන උපාධිය හිමිකරගන්නා යූ.කේ. මාබුල මහතා B.A. (English) General Art  Qualified අයෙකි. වසර 22කට වැඩි කලක් තිස්සේ ගණේමුල්ල ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස හා සම්මානනීය ව්‍යවසායකයෙකු ලෙසින් කටයුතු කරමින් මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනය ප්‍රදේශයට දායද කරන්නේ සියනෑ පුරවරයේ සිටින විශිෂ්ටතම ගුරු මණ්ඩලය එක්තැන් කරමිනි. සුවහසක් දූ දරුවන්ගේ ඉංග්‍රීසි කථා කිරීමේ සිහිනය යථාර්ථයක් ම කළ විශිෂ්ටතම ඉංග්‍රීසි ඇදුරාණන් වන මොහුට ව්‍යවසායකයෙකු ලෙස දැඩි විනයත්, ශිෂ්‍යය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රම ශිල්ප තුලින් ආරක්‍ෂිත හා විශ්වාසනීය අධ්‍යයන පරිසරයක් මැක්ස්ෆෝඩය තුළ ගොඩනගන්නට හැකිවී තිබේ. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැයේ සංවර්ධනයට උරදිය හැකි මානව සම්පතක් බිහිකරලීමේ මෙහෙවරහි ඔහු මේ වන විටත් නිරත වී සිටියි.

විදුහල්පති

යු.කේ. මාබුල

B.Sc (Business Administration)

University of J'pura

B.A. (English) General Art Qualified, Dip English,

Cambridge University Certificated

Maxford Life...!

මැක්ස්ෆෝඩ් මතකයන්...!

අප හා සම්බන්ධවන්න...!

Maxfrod

Higher Educational Institute

Ganemulla.

Contacts

077-1303217

maxfordedulk@gmail.com

Ganemulla, Sri Lanka.

Follow us on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary